Friday, August 7, 2015

පිවිසුම


දකුණු ආසියාවේ දක්ෂිණ ශ්‍රි ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ගම් පියසකි අප‍රැක්ක. මාතර නගරයේ සිට කිලෝමීටර් 12 පමණ දුරින් පිහිටි  සොබාව සෞන්දර්යයෙන් අනූන ගම් පියසකි. මාතර සිට කැකණදුර හරහා යටියන දක්වා දිවෙන බී 284 මාර්ගය ඔස්සේ මෙහි ලඟාවිය හැකිය. ප්‍රමාණයෙන් තරමක් විශාල මෙගම උඩ අප‍රැක්ක සහ පල්ලෙ අප‍රැක්ක වශයෙන් කොටස් දෙකකි. ඒ අනුව බී 284 මහා මාර්ගයෙන් ඉහල කොටස උඩ අප‍රැක්ක වන අතර මාර්ගයෙන් පහල ප්‍රදේශය පල්ලෙ අප‍රැක්ක නම් වේ.



No comments:

Post a Comment